අප ගැන

බයිස්කෝප් සිංහලෙන්! ශ්‍රී ලාංකික චිත්‍රපට ලෝලීන් අතර මේ නම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ බොහොමත්ම කලාතුරකින් තමයි. වර්ෂ 2009 දී බොහොම සුළුවට ආරම්භ වෙච්ච මේ වෙබ් අඩවිය, වර්තමානය වන විට සිංහල උපසිරසිකරණයේ ප්‍රමුඛයා බවට පත්වෙලා තියෙන්නේ නිතැතින්ම. ඉතිං, එදා බොහොම පොඩියට පටන්ගත්ත ඒ වෙබ් අඩවියට, අද වන විට බයිස්කෝප් මංසල සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ් යනුවෙන් තවත් ශාඛා වෙබ් අඩවි දෙකක් එකතු කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ සියල්ලම කලේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් සහ සිනමාලෝලී ඔබගේ උන්නතිය වෙනුවෙන්. ඉතිං එහෙනම්, ඔබගේ උන්නතිය වෙනුවෙන් කලඑළි දක්වන්නා වූ බයිස්කෝප් අඩවියේ නවතම ශාඛා වෙබ් අඩවිය තමයි, මේ “බයිස්කෝප් ෂොප්” වෙබ් අඩවිය. ඇත්තටම මොකක්ද මේ “බයිස්කෝප් ෂොප්” කියන්නේ?

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය කියන්නේ බොහොම ලොකු රසික පිරිසකගෙන් සමන්විත වෙබ් අඩවියක් කියන කාරණාව ඇත්තටම රහසක් නෙමෙයි. ලංකාවේ වෙසෙන්නා වූ සිනමා රසිකයින් වගේම, විදේශගතව සිටින්නා වූ ලාංකික සිනමා රසිකයන් පවා දෛනිකව බොහෝ පිරිසක් අප වෙබ් අඩවිය වටා එක්රොක් වෙනවා. ඉතිං, කාලයක් තිස්සේ මේ ගොඩක් දෙනෙක් අපව සම්බන්ධ කරගෙන අපෙන් අහපු කාරණාවක් තමයි, අපේ නිල ලාංජනය සහිත සමරු භාණ්ඩ අරගන්න විදියක් නැද්ද කියන කාරණාව. ඒ කියන්නේ ටී ෂර්ට්, ෆෝන් කවර, විවිධ වූ අරුමෝසම් භාණ්ඩ ආදී දේවල්. ඉතිං, කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලලා, අවසානයේදී අපි තීරණය කළා ඔවුන්ගේ ඉල්ලීමට ඇහුම්කම් දෙන්න. “බයිස්කෝප් ෂොප්” ලෙසින් අප මේ එළිදක්වන්නේ ඔවුන්ගෙන් ලද එම ඉල්ලීමට අපගේ ප්‍රතිචාරයයි.

මොනවද මේ “බයිස්කෝප් ෂොප්”එකේ මිලදී ගන්න තියෙන්නේ? අනිවාර්‍යයෙන්ම ඔබට ඒ ප්‍රශ්නය ඇති.

  • බයිස්කෝප් ටී ෂර්ට් – අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලපු දෙයක් තමයි, මේ බයිස්කෝප් ලාංජනය සහිත නිළ ටී ෂර්ට් එකක්. ඉතිං, දැන් ඔබට අපගේ මෙම වෙබ් අඩවිය ඔස්සේ එම සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඔබත් බයිස්කෝප් වෙබ් අඩවියේ සාඩම්බර රසිකයෙක් කියලා මුළු ලොවටම ආඩම්බරයෙන් හඬ නගා කියන්න පුළුවන්. බයිස්කෝප් වෙබ් අඩවියේ සමරු ටී ෂර්ට් වගේම, ලංකාවේ වෙළඳ සැල් වලින් හොයාගන්න අතිශය අමාරු, කොමික් ටී ෂර්ට් පවා ඔබට පහසුවෙන්ම අපගේ මෙම වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.
  • බයිස්කෝප් ෆෝන් කවර – මෙහිදී, ඔබගේ ජංගම දුරකථන වර්ගය අනුව, විලාසිතා වර්ග ගණනාවකින් බයිස්කෝප් ලාංජනය සහිතව ඔබගේ ජංගම දුරකථනය සරසවා ගන්න ඔබට මෙහෙදී අවස්තාව ලැබෙනවා.
  • චිත්‍රපට සහ රූපවාහිණී කතා මාළා – ලංකාවේ ගොඩක් දෙනෙක්ට තවමත් දැවෙන ප්‍රශ්නයක් තමයි අන්තර්ජාල ප්‍රශ්නය කියන්නේ. මේක කිහිප විදියකට බලපාන්න පුළුවන්. සමහර අයට අන්තර්ජාලය භාවිතා කරන්න සංඥා නොමැති ප්‍රශ්න තියෙන්න පුළුවන්. තවත් සමහර අයට ලොකු දත්ත ප්‍රමාණයක් සහිත මාසික පැකේජයක් භාවිතා කරන්න ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතිං, මේ කාරණා දෙක නිසාම ගොඩක් දෙනෙක්ට චිත්‍රපට සහ රූපවාහිනි කතා මාළා නරඹන්න අවස්තාව මගහැරෙනවා කියලා අපිට පෙනී ගියා. මේ නිසාම අපි තීරණය කළා, බොහොම සාධාරණ මුදලකට අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් ඒ සේවාව සපයන්න. මෙහිදී ඔබ වෙනුවෙන්, ඔබගේ මනාපය පරිදි DVD තැටියකට හෝ Pen Drive එකකට මෙම චිත්‍රපට සහ රූපවාහිණි කතා මාළා ඇතුලත් කොට, ඔබගේ නිවසටම ලබා දීමට අප සූදානම්.
  • ඒ වගේම, VR Box, කී-ටැග්, මග්, පෑන්… මේ ආදී ලෙස විවිධ වූ දේවල් බයිස්කෝප් ලාංජනය සහිතව, ඔබගේ රුචිය අනුව ඔබට මෙහිදී මිලදී ගැනීමේ අවස්තාව පවතිනවා.

විශේෂයෙන්ම කියන්න ඕනේ, උපසිරසි සපයන වෙබ් අඩවියක් ලංකාවේ අතිශය ප්‍රථම වතාවට තමයි මේ වගේ කර්තව්‍යයක් ආරම්භ කරන්නේ. සිංහල උපසිරසිකරණයේ පුරෝගාමියා ලෙස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය කවදත් හොඳේ දෙයක් වෙනුවෙන් පසුබට වුනේ නැහැ. සමහර විට, උපසිරසි සපයන වෙබ් අඩවියක් මේ වගේ කර්තව්‍යකට අත ගහන්නේ ලෝකයෙන්ම පළවෙනි වතාවට වෙන්නත් පුළුවන්. මූලිකම කාරණාව වෙන්නේ, අපි මේ සියල්ලක්ම කරන්නේ මූල්‍යමය වාසියක් බලාපොරොත්තුවෙන් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ අපි කිසිඳු ආර්ථික ලාභයක් නොලබා නොමිලයේම ඔබට සිංහල උපසිරසි සපයනවා. ඉතිං, මෙම බයිස්කෝප් ෂොප් වෙබ් අඩවියෙන් යම් කිසි මූල්‍යමය ලාභයක් අප හට ලැබෙන්නේද, එය බයිස්කෝප් වෙබ් අඩවියේ උන්නතිය වෙනුවෙන් යොදවා, දැන් තිබෙනවාටත් වඩා ගුණාත්මකභාවයෙන් උපරිම සේවයක් ඔබ සියලු දෙනා හටම සපයන්න අප බලාපොරොත්තු වෙනවා. එය තමයි මෙම “බයිස්කෝප් ෂොප්” වෙබ් අඩවියෙන් අප බලාපොරොත්තුවන්නා වූ පරම අභිමතාර්ථය.